සජිත්ට සහය දුන්නොත් ලොකු තනතුරක්…!

April 19, 2024 at 12:31 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන්නේ නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තනතුරක් ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීමක් සිදුකළ හැකි බව සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා මේ බව සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයේ කිසිදු මන්ත්‍රීවරයෙකු එක්සත් ජාතික පක්ෂය සමග එක්නොවන බවය.

කුරුණෑගල දී මාධ්‍ය හමුවක් පවත්වමින් අශෝක් අබේසිංහ මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *