සමගි ජන බලවේගය රත්මලාන ප්‍රදේශයේදී සංවිධාන කළ ජන රැළියකට ඊයේ (29) රාත්‍රීයේ දී කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර තිබිණි.
ඒ සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජන රැළිය අමතමින් සිටින අවස්ථාවේදීය.
ගල්කිස්ස පොලීසිය පවසන්නේ කස්ටම් වත්ත ප්‍රදේශයේ පැවැති මෙම ජන රැළියට ගල් ප්‍රහාර 03 ක් එල්ල කර ඇති බවය.
සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු ඊයේ රාත්‍රියේ ම අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් අයෙකු අද (30) උදෑසන පොලීසියට භාරවී තිබේ.
අදාළ සැකකරුවන් දෙදෙනා බීමතින් සිට ඇති අතර මෙම ප්‍රහාරයට කිසිදු දේශපාලන සම්බන්ධයන් නොමැති බව අනාවරණ වී ඇති බව පොලීසිය පවසයි.