සජිත්ගේ තීන්දුවෙන් සජබ දෙදරයි…. ආසන සංවිධායකවරුන් 06ක් යති… තව රොත්තක් පෝලිමේ…!

May 26, 2025 at 11:05 am | by emanisa.lk

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත්කිරීමේදී මතුව ඇති ගැටලු නිසා සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන් හය දෙනකු ඊයේ (25) වන විට එම ධුරවලින් ඉවත් වීමට තීරණය කර ඇත.

මෙසේ ආසන සංවිධායක තනතුරුවලින් ඉවත්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, හොරොව්පොතාන ආසන සංවිධායක අනුර බුද්ධික, දඹුල්ල ආසන සංවිධායක නීතිඥ චම්පක විජේරත්න, රත්තොට ආසන සංවිධායක හා නියෝජ්‍ය ජාතික සංවිධායක රංජිත් අලුවිහාරේ, නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක අශෝක සේපාල, ගාල්ල ආසන සංවිධායක චන්ද්‍රලාල් බණ්ඩාරිගොඩ
සිය ඉල්ලා අස්වීමේ ලිපි පක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස හා මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වෙත යොමුකර තිබේ.

පළාත් පාලන ආයතන සඳහා සමගි ජන බලවේගය නියෝජිතයන් පත්කර ගැනීමේ අර්බුදය මේ වන විට උග්‍ර වෙමින් තිබෙන අතර පක්‍ෂ නායකත්වය ගත් තීරණ හේතුවෙන් තවත් ආසන සංවිධායකවරු දැඩි කලකිරීමට පත්ව ඇතැයි ද වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *