සජබ මහ ලේකම් රංජිත්ගේ ජාතික ලැයිස්තු අසුන දමිතාට…!

October 17, 2024 at 8:18 am | by emanisa.lk

සමගි ජනබලවේගයේ කටයුතු කරන්නේ ලියන්න කියන්න බැරි සහ බිහිරි පිරිසක් දැයි තමා පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් විමසන බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පවසයි.

එවැනි සන්නිවේදන ප්‍රශ්නයක් හේතුවෙන් සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් කළ තමන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වුවානම් පක්ෂයේ මහ ලේකම්වරයා ජාතික ලැයිස්තුවෙන් ඉවත් වී ඒ වෙනුවට තමන්ගේ නම ඇතුළත් කරන ලෙසට ඉල්ලා සිටින බව ද ඇය සඳහන් කරයි.

දමිතා අබේරත්නගේ නම නාම යෝජනාව ප්‍රතික්ෂේප වී ඇත්තේ සන්නිවේදන ප්‍රශ්නයක් හේතුවෙන් යැයි සිදුකරන ප්‍රචාරයට ප්‍රතිචාර දක්වමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *