සජබ මන්ත්‍රී ඉෂාක් රහුමාන් ජනපති සමග රට සවාරියේ..!

February 11, 2024 at 10:43 am | by emanisa.lk

සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත විය.

ජනාධිපතිවරයා පසුගිය 08 වැනිදා ඔස්ට්‍රේලියාවේ පර්ත්හි පැවැති 07 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සඳහා පිටත්ව ගියේය.

ස්ථාවර සහ තිරසර ඉන්දියානු සාගරයක් කරා යන තේමාව යටතේ පැවැති එම සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරනු ලැබුවේ ද ජනාධිපතිවරයා විසිනි.

මෙම සංචාරයට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චින්තක මායාදුන්න, ඉෂාක් රහුමාන්, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා, ජනාධිපති ජාත්‍යන්තර සබඳතා අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ සහ රිෂාන් ද සිල්වා යන මහත්ම මහත්මීන් එක් ව සිටි බව සඳහන්.

මෙයට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රැස්වීම් සහ විදේශ සංචාර සඳහා ගයන්ත කරුණාතිලක, කිංස් නෙල්සන් යන සමගි ජන බලවේගය නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරු ද එක්වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *