සජබ මන්ත්‍රී ආරක්ෂකයා ගංජා කිලෝ 810ක් සමග අත්අඩංගුවට…!

September 30, 2023 at 4:16 pm | by emanisa.lk

සමගි ජන බලවේග මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.එච්.එම්. ධර්මසේනගේ ආරක්ෂක නිලධාරියෙකු ඇතුළු තිදෙනෙක් ගංජා තොගයක් ප්‍රවාහනය කරන අතර අත්අඩංගුවට පත්ව තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඇමැති ආරක්ෂක ඒකකයට අනුයුක්තව සේවය කළ 41 හැවිරිදි බිබිල ප්‍රදේශයේ පුද්ගලයෙකු සහ එම ප්‍රදේශයේ ම 31 සහ 39 හැවිරිදි තිදෙනෙකි.

මාළිගාවිල සිට ඔක්කම්පිටිය දක්වා ත්‍රීරෝද රථයකින් ගංජා කිලෝ 810ක් ප්‍රවාහනය කරමින් තිබිය දී බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *