සජබ පෙරළිකාර මට බලවත් කාන්තා හිංසනයක් කළා.. මගේ ආගමනයට හැමෝම බිය වුණා..! – දමිතා..

October 21, 2024 at 7:51 pm | by emanisa.lk

සමගි ජන බලවේගය මැතිවරණයට ඉදිරිපත් වීමේ සිය අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් කාන්තා හිංසනයක නිරත වෙමින් තමන්ට විශාල අසාධාරණයක් කළ බව දමිතා අබේරත්න පවසයි.

රටේ පෙරළිකාර කලාකාරිනියක් දේශපාලනයට පැමිණීම සජබ පමණක් නොව සෙසු පක්ෂවල කණ්ඩායම් ද බියට පත්වීමට හේතුවක් බව ද ඇය පෙන්වා දෙයි.

මෙලෙස සමගි ජන බලවේගය සිය අයිතිය අහිමි කිරීම හුදෙක් තමන්ට නොව සමස්ත කාන්තා පරපුරටම සිදුකළ බලවත් අසාධාරණයක් බව රටේ කාන්තාවන් තේරුම්ගත යුතු බවයි, දමිතා අබේරත්න සඳහන් කළේ.

තමා සමගි ජන බලවේග කාන්තා බලකායේ විධායක කමිටුවෙන් ද ඉල්ලා අස්ව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ජාතික සන්ධානය සමග එකතු වී ඉදිරියට යන බව එම පක්ෂ මාධ්‍ය හමුවකට එකතු වෙමින් ඇය ප්‍රකාශ කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *