කිසිවෙකුට සුබ පැතීම සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය උදෙසා වැඩ කිරීම යනු දෙකක් බව සමගි ජන බලවේග රත්නපුර දිස්ත්‍රික් නායක හේෂා විතානගේ පවසයි.
පක්ෂයක් ලෙස එකතු වී තීන්දු ගන්නා අතර යම් යම් අවස්ථාවල ජනතා ජයග්‍රහණය උදෙසා තනි තීින්දු ගැනීමට වුව තමන් සූදානම් බවයි, ඔහු ප්‍රකාශ කළේ.
රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියගේ නම අවසාන මොහොතේ සජබ මැතිවරණ අපේක්ෂක ලැයිස්තුවෙන් කපා හැරීම පිළිබඳ මාධ්‍ය නැඟූ පැනයකට පිළිතුරු ලබා දෙමින් හේෂා විතානගේ මේ බව කීය.