සජබ ප්‍රබල මන්ත්‍රී නීති විභාගය කොපි කර මාට්ටුයි…!

October 27, 2023 at 12:25 pm | by emanisa.lk

නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නීති විරෝධී ලෙස සටහන් තොගයක් ළඟ සභා තබාගෙන පිළිතුරු ලියමින් සිටිය දී විභාග පරීක්ෂකවරියකට හසුව ඇති බව වාර්තා වෙයි.

දකුණු පළාත නියෝජනය කරන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සම්බන්ධයෙන් මෙසේ පරීක්‍ෂණ ආරම්භ කර ඇත. මන්ත්‍රීවරයා සටහන් තොගයක් ළඟ තබාගෙන විභාගයට පිළිතුරු ලියා ඇතැයි තොරතුරු හෙළි වීමත් සමග පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම පරීක්ෂණ වළක්වා ගැනීමට එම මන්ත්‍රීවරයා දේශපාලනඥයන් පසුපස යමින් දැඩි උත්සාහයක් දරමින් සිටින්නේ යැයි ද දැනගන්නට ඇත.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ වෙත ද අදාළ සිද්ධිය මේ වන විට වාර්තා වී ඇති අතර ඒ පිළිබඳව සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ඔහු පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *