අනුරාධපුර මහ නගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් තේරී පත් වූ නාගරික මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් පත්කිරීමේදී හිටපු නාගරික මන්ත්‍රී සහ විපක්ෂ නායක ඉන්දික අරුණ කුමාර පත් නොකිරීම අනුරාධපුර සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් දැඩි විරෝධය පළ කර තිබෙන බව වාර්තා වේ.
අනුරාධපුර දිස්ත්‍රික් නායක සහ ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර විසින් ඉන්දික අරුණ කුමාර මහතා ඇතුළු නම් කිහිපයක් මන්ත්‍රී ධුර සඳහා යෝජනා කර පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර වෙත යොමු කර තිබේ.
එහෙත් මහ ලේකම්වරයා එම ලැයිස්තුවෙන් ඉන්දික අරුණ කුමාරගේ නම ඉවත් කර වෙනත් නමක් යෝජනා කර තිබෙන අතර ඊට විරෝධය පළ කරමින් දිස්ත්‍රික් කළමනාකාර නිහාල් කොඩිතුවක්කු ඉල්ලා අස්වී තිබේ. එය නිවැරදි කරන තුරු රෝහණ බණ්ඩාර හා සුරංග රත්නායක ඇතුළු සියලු සංවිධයකයන් සංවිධාන කටයුතුවලින් ඉවත්වීමට සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහභාගී වන සියලුම රැස්වීම් වර්ජනය කිරීමට තීරණය කළ බව ද වාර්තා වේ.