සජබ ජාජබ ආණ්ඩුවේ ම කෑලි… එකම විකල්පය සර්වජන බලය…! – ගෙවිඳු කුමාරතුංග….

June 16, 2024 at 11:29 am | by emanisa.lk

2015 ජනාධිපතිවරණයට මහා මැතිවරණයට පසු ඇති වූ දේශපාලන තත්ත්වයට සමාන පසුබිමක් නැවත රට තුළ උද්ගතව ඇතැයි යුතුකම ජාතික සංවිධානයේ සභාපති, සර්වජන බලය සන්ධානයේ විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.

මතුපිට සුළු සුළු වෙනස්කම් තිබුණ ද වර්තමාන ආණ්ඩුව ද විපක්ෂයේ සමගි ජන බලවේගය ද ජාතික ජන බලවේගය ද එකම දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරමින් ඇති බවයි, මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

නව විදුලි බල පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේ දී ඇමැති අලී සබ්‍රි ප්‍රකාශ කළ පරිදි විපක්ෂයේ සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ ද ප්‍රතිපත්තිය ආණ්ඩුවේ වැඩපිළිවෙළට සමාන බව ද හෙතෙම කියා සිටියේය.

ඒ අනුව නැවත 2015 වසරේ මෙන් ජනතාවට විකල්පයක් නොමැති තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් සර්වජන බල සන්ධානය ගොඩනඟන්නේ 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්කර ගැනීමෙන් ඉටුකරගත නොහැකි වූ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්ථයක් කිරීම සඳහා බවත් ගෙවිඳු කුමාරතුංග අවධාරණය කරයි.

සර්වජන බලය පළමු ජන රැලිය ජුනි 18 නුගේගොඩ දී පැවැත්වෙන බව ද 69 ලක්ෂය ජන වරම ගොඩනැඟූ ජනතාවට ඒ සඳහා ආරාධනා කරන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේ, අද (16) උදෑසන ස්වාධීන රූපවාහිනියේ වැඩසටහනකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *