සජබ උප සභාපතිටත් සජිත් එපා වෙයි…! ආධාරකරුවන් සමග නැවත එජාපයට…!

May 14, 2023 at 5:24 pm | by emanisa.lk

සමගි ජන බලවේග උප සභාපති, අනුරාධපුර බටහිර ආසන සංවිධායක, හිටපු අමාත්‍ය පී. හැරිසන් සිය ප්‍රාදේශීය නායකයින් සමග නැවත එක්සත් ජාතික පක්ෂයට එකතු වෙයි.

ඉදිරි ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ දිනවීමට කොන්දේසි විරහිතව කැපවන බව ද ඔහු අවධාරණය කළේය.

සජිත් ප්‍රේමදාස තමා ගැන මිස කිසිවෙකු ගැන නොසිතන හක්කේ බුදු රැස් බොක්කේ දඩමස් සහිත අයකු බවට ද ඔහු චෝදනා කළේය.

රටේ තෙල් ගෑස් හිඟයක් පවතින අවස්ථාවේ අරාබි මිතුරු රටවලින් තෙල් ගෑස් ලබාගත හැකි බවට පම්පෝරි ගැසූ සජිත් ප්‍රේමදාස ඒ කිසිවක් රටට ගෙන ඒමට උත්සාහ නොකළ බව ද සඳහන් කළේය.

ජනතාවට සහන ලබා දෙන්නට තමාගේ ආණ්ඩුවක් පැමිණිය යුතු බව කියන සජිත් ප්‍රේමදාස, එතෙක් ජනතාව ජීවත් විය යුතු බව අමතක කොට ඇතැයි ද කීය.

අනුරාධපුරේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් පී. හැරිසන් මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස