සජබ ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් අල්ලනවා…! – සජිත්…

September 6, 2022 at 10:08 am | by emanisa.lk

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ විධිමත් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සියලු දෙනා අත්අඩංගුවට ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

“අපි පොරොන්දුවක් වෙනවා කිතුණු කතෝලික ජනතාවට, අපේ අති උතුම් කාදිනල්තුමාට වගේම මේ රටේ ප්‍රජාවට සමගි ජන බලවේග රජයක් තුළ නිර්ව්‍යාජ, විවෘත දේශපාලන ඇඟිලි ගැසීම්වලට ලක් නොවුණ බොහොම පිරිසිදු, අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සුලමුල මේ රටේ ජීවත් වන හැම දෙනාටම දැනගන්න පුළුවන් වෙන ආකාරයේ පරීක්ෂණයක් පවත්වනවා විතරක් නෙමෙයි, ඒවායේ මොළකරුවන් සියලුම දෙනාට, සහභාගී වූ සියලුම දෙනාට නීතිය යටතේ ලබා දිය හැකි දැඩි දඩුවම් පමුණුවන්නට අපි අනිවාර්යෙන්ම කැපවෙනවා, ඇප වෙනවා. සත්තයි කියන එක මම මේ අවස්ථාවේ අවස්ථාවේ දී ප්‍රකාශ කරනවා.”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා (03) කටාන සමගි ජන බලවේග ආසන බල මණ්ඩලය අමතමින් මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *