ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව සලකා බැලීමේ දී සජබ සහ එජාප ඡන්ද එකතු කළහොත් ජවිපෙට වඩා ඡන්ද පදනමක් ඇති බව හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක පවසයි.
මෙම දෙපාර්ශ්වයේ ම ඡන්ද පදනම එකක් නිසා ඉදිරි මහා මැතිවරණය ඉලක්ක කරගෙන සජබ සහ එජාපය යම් ගිවිසුමකට එළඹිය යුතු බවයි, ඔහු අවධාරණය කළේ.
එජාප නායක රනිල් වික්‍රමසිංහ ඉදිරි මහා මැතිවරණයට තරඟ කිරීමට හෝ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට තීරණය නොකිරීමෙන් සජිත් ප්‍රේමදාස අගමැති අපේක්ෂකයා ලෙස ප්‍රවර්ධනය කරන බව ද නවීන් දිසානායක සඳහන් කරයි.