පාසල් සංවර්ධන නිලධාරීන් ඊයේ (02) අධ්‍යාපන අමාත්‍යංශය අසලට පැමිණ විරෝධතාවක් දියත් කළේ ආණ්ඩුව ඔවුන් සමග සාකච්ඡා කොට යම් යම් එකඟතාලට පැමිණි පසුබිමක බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි පවසයි.
එම පිරිස අධ්‍යාපන අමාත්‍යංශය අසලට පැමිණි අවස්ථාවේ ද නියෝජ්‍ය අධ්‍යාපන ඇමැතිතුමා ඇතුළු නිලධාරීන් ඔවුන්ට සාකච්ඡා සඳහා ආරාධනා කළ බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
ඔවුන් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් කටයුතු කිරීම මගින් එය යම් අරමුණක් ඇතිව කළ බවට වෘත්තීය සමිති නායකයන් ලෙස තමන්ට සැක කළ හැකි යැයි ද හෙතෙම සඳහන් කරයි.
ගුරු ව්‍යවස්ථාව සහ ශ්‍රේෂ්ඨාධීකරණ තීන්දුව අනුව විරෝධතාකාරුවන් ඉල්ලා සිටින ආකාරයට තරඟ විභාගයක් නොපවත්වා ඔවුන් ගුරු සේවයට අනුයුක්ත කළ නොහැකි බව ද චන්දන සූරියආරච්චි ප්‍රකාශ කරයි.