මෙරට සංචාරක කර්මාන්තය බිඳ වැටුණේ අරගලය නිසා බවත් සංචාරකයන් පැමිණෙන්නේ, නිදහසේ සිටීමට මිස අනිත්‍ය මෙනෙහි කිරීමට නො වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පවසයි.
දත, කට නොමදින මූණ කට නොහෝදන කාලකන්නි ටිකක් අරගලය මෙහෙයවමින් සංචාරක කර්මාන්තය බිඳ දැමූ බවයි, සනත් නිශාන්ත අවධාරණය කළේ.
රටේ සංචාරක කර්මාන්තයේ හදවත බඳු ගාලු මුවදොර හොටෙල් සමූහය ඉදිරිපිට කුඩාරම් අටවා ගත් පසු සංචාරකයින් ලංකාවට එනු ඇතැයි දැයි හෙතෙම ප්‍රශ්න කරයි.