සංචාරක කර්මාන්තයට තවත් බාල්දියක්… ලංකාවට එන ඇමරිකානු බ්‍රිතාන්‍ය සංචාරකයන්ට අනතුරු ඇඟවීම්…!

May 25, 2025 at 5:12 pm | by emanisa.lk

ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට සැලසුම් කරන සිය රටවැසියන්ට අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

මේ දිනවල ලංකාවේ පැතිර යන චිකන්ගුන්යා වසංගතය සැලකිල්ලට ගනිමින් සංචාරයට පෙර අදාළ එන්නත් ලබා ගන්නා ලෙසත් ගැබිනි කාන්තාවන්ට සංචාරයට පෙර කිහිප වරක් සිතා බලන ලෙසත් දැනුම් දී තිබේ.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරන්නේ බස්නාහිර පළාතේ ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කරන අතර මුළු රටම ආවරණය වන පරිදි මදුරු මර්දන වැඩසටහන් දියත් කරන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *