සංචරණ සීමා සමඟ නිවසේ ගැටුම් උග්‍ර අතට….! පිරිමි 112ක් රෝහලේ….අයෙක් දිවි නසා ගනී….!

May 25, 2021 at 10:12 am | by emanisa.lk

පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් පැන වූ සංචරණ සීමා කාලයේ නිවෙස් තුළ ඇති වූ ආරවුල්වලින් පුද්ගලයන් 150කට වැඩි පිරිසක් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග හෙළි කරයි.

මින් වැඩි ම පිරිසක් පිරිමි පුද්ගලයන් බවත් එම සංඛ්‍යාව 112 ක් බවත් වාර්තා වෙයි.

මීට අමතරව නිවෙස් තුළ දී පහර කෑමට ලක්වූ කාන්තාවන් 42 දෙනෙකු ද රෝහල් ගතකර ඇතැයිද සඳහන් වෙයි.

එමෙන්ම නිවස තුළ ඇති වූ ආරවුලකින් පසු එක් පිරිමි පුද්ගලයෙකු දිවි නසාගෙන ඇතැයි ද වැඩි දුරටත් වාර්තා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *