ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහන කිසිම විටකත් විදේශ පරිත්‍යාග සීමා නොකරන බව එම අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානි එවන් පැපජෝර්ජියෝ පවසයි.
ජාත්‍යන්තර ගනුදෙනු සඳහා සිදුකරන ගෙවීම් සහ මුදල් හුවමාරු කිරීම්වලට සීමා පැනවීම සිදු නොකිරීමට මෙන්ම තිබෙන සීමා දැඩි නොකිරීමට අරමුදලේ සාමාජික රටවල් බැඳී සිටින බවද ඔහු පෙන්වා දෙයි.
කෙසේ නමුත් පරිත්‍යාග සිදු කරන විට දේශීය නීති සහ රෙගුලාසිවලට අනුකූල විය යුතු බවග ඔහු සඳහන්කරයි.
උදාහරණයක් ලෙස රීබිල්ඩින් ශ්‍රී ලංකා වැඩසටහන ගතහැකි බවත් එවැනි වැඩසටහනකට අරමුදල් පරිත්‍යාග සිදු කිරීමේදී ඒවා විනිවිදභාවය සහ වගවීමේ විධිවිධාන, මහජන වාර්තාකරණය සහ විගණන අවශ්‍යතා සහිත ශක්තිමත් පාලන රාමුවකට යටත්වන සහතික කිරීමට බලධාරීන් කැපවී සිටින බවද ඔහු සඳහන් කර ඇත්තේ ජාතික පුවත්පතක් සිදුකළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.