ශෙහාන් බුකර් දින්නේ මගේ පොතක් පෙන්නලා..! – රාජ්පාල් අබේනායක…

November 3, 2022 at 11:11 am | by emanisa.lk

ෂෙහාන් කරුණාතිලක බුකර් සම්මාන දිනා ඇත්තේ තමන්ගේ කතාවක් හොරකම් කරගෙන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රාජ්පාල් අබේනායක චෝදනා කරයි.

තමන් එම නවකතාව මුද්‍රණය කර ගැනීම සඳහා උදව් ලබා ගැනීමට ෂෙහාන්ට කතා කළ බවත් එහිදී ඔහු තම කතාව හොරකම් කරන ලද බවත් පවසන ඔහු ශෙහාන් කරුණාතිලක මෙතරම් අදම හොරෙක් යැයි තමන් නොදැන සිටි බවත් කියා සිටියි.

තමන් මේ ගැන නීතිමය ක්‍රියාමාර්ග ගෙන ෂෙහාන් විසින් ලබාගත් සම්මානය නැති කරන බවත් තමන්ට සම්මාන නොලැබුණ ද ගැටලුවක් නැතැයිද ඔහු අවධාරණය කරයි.

2009 වසරේ දී තමන් මෙම නවකතාව ලියූ බවත් 2011 වසරේදී ෂෙහාන්ට දුන් බවත් පවසන ඔහු එනිසා එය හොරකම් නොකලේ යයි ප්‍රකාශ කළ නොහැකි බවද කියා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස