ශාලික විතරක් ඇයි…! කොස්තාපල් පුඤ්ඤසෝම අත්අඩංගුවට ගනු…! – පුබුදු ජයගොඩ…

August 25, 2022 at 9:08 am | by emanisa.lk

ශාලික රුක්ෂාන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අරගලයේදී මේ නිරූපණය කළ නිසා. පොලීසිය කියන්නේ පොලිස් නිල ඇඳුමක් ඇඳ සිටීම ගැන පරීක්ෂණ පවත්වන බව.

මේ මොන තරම් විගඩමක්ද? ශාලික රුක්ෂාන් රංගන ශිල්පියෙක්. ඔහුට මෙවැනි නිරූපණයක් කරන්න ඇති නීතිමය බාධාව මොකක්ද? අනෙක් එක මේ පොලිස් නිල ඇඳුමද? පොලිස් නිල ඇඳුමේ සාටකයකින් තැනූ තොණ්ඩුවකුත් තිබෙන බව පොලීසිය පිලි ගන්නවාද?

කොස්තාපල් පුඤ්ඤසෝම ඇතුළු චිත්‍රපට ගණනාවක පොලිස් නිල ඇඳුම් ඇඳ සිටි නළු නිලියනුත් මේ ආකාරයට අත්අඩංගුවට ගන්නවාද? පෙර පාසල් වල හා පාසල් වල ප්‍රාථමික පන්ති වල විකට ඇඳුම් තරඟවලට සහභාගී වන දරුවනුත් අත්අඩංගුවට ගන්නවාද?

සම්ප්‍රදායික කලා ප්‍රසංග වල පොලිස් කෝලම රඟ දක්වන කලාකරුවනුත් ප්‍රවේසම් වෙන්න වෙයි වගේ…
මර්දනය, මර්දනය කිය කිය රනිල් රාජපක්ෂ සහ ඔහුගේ පොලීසිය මොන නාඩගමක්ද මේ නටන්නේ?

පුබුදු ජයගොඩ
අධ්‍යාපන ලේකම්
පෙරටුගාමී සමාජවාදී පක්ෂය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *