තව නොබෝ දිනකින් කොළඹ දී විවෘත කිරීමට නියමිත දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ සංචාරක හෝටල් පරිශ්‍රය වන City of Dreams Sri Lanka හි සමාරම්භක අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වීමට සිටි සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් නොවැළැක්විය හැකි හේතුවක් මත ඊට සහභාගී නොවන බව නිවේදනය කර ඇත.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ City of Dreams Sri Lanka හි ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියේ, ශාරුක් ඛාන් සහභාගී නොවූවද නියමිත පරිදි මෙම සුවිශේෂී විවෘත කිරීමේ උත්සවය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ය.
“ශාරුක් ඛාන් සියැසින් දැකගැනීමට බොහෝ දෙනා ඉතා ආශාවෙන් සිටි බව අපි හොඳින් ම දන්නවා. ඒ අවස්ථාව උදා කර ගැනීමට නොහැකි වීම පිළිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ කර සිටිනවා. මෙතෙක් අප වෙත අඛණ්ඩ සහයෝගය ලබා දෙමින් අපගේ සාර්ථකත්වය වෙනුවෙන් කටයුතු කළ ශාරුක් ඛාන්ට අපගේ කෘතඥතාව පල කරන අතරම නුදුරු අනාගතයේදී ඔහු City of Dreams Sri Lanka වෙත කැඳවාගෙන ඒමට බලාපොරොත්තු වනවා.”