ශානිට වගේ සේවා දිගු නෑ… සේවා අත්දැකීම් අදාළත් නෑ… අජිත් රෝහණ විශ්‍රාම යයි…!

September 19, 2026 at 4:24 pm | by emanisa.lk

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ, ආචාර්ය අජිත් රෝහණ පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් තිබේ.

අජිත් රෝහණ වසරක සේවා දිගුවක් ලබා දෙන බව පසුගිය සමයේ මාධ්‍ය වාර්තා කළද එය ලැබී නොමැත.

පසුගිය සැප්තැම්බර් 08 වෙනිදා අජිත් රෝහණ සිය 38 වසරක පොලිස් සේවයෙන් විශ්‍රාම ගිය අතර ඔහු වෙනුවෙන් කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේදී පොලිස් ආචාර පෙළපාලියක්ද පවත්වා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතිඥ අජිත් රෝහණ ජනතාව මෙන්ම මාධ්‍යවේදීන් අතරද බෙහෙවින් ජනප්‍රිය විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස