ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නායක භට රොෂාන් අබේසුන්දර පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර දෙවරක් පිහිනා නව වාර්තාවක් තැබීමට අද උදෑසන සමත් විය.
ඊයේ (10) අලුයම 02ට තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙරළ බලා පිහිනීම ආරම්භ කළ රොෂාන් යළි අද (11) උදෑසන ලංකාවට පැමිණීමට සමත් විය. මේ සඳහා ඔහු පිහිනා ගිය සම්පූර්ණ දුර කිලෝ මීටර 60කි. සම්පූර්ණ ගමන සඳහා ඔහු ගතකළ කාලය පැය 28යි විනාඩි 19යි තප්පර 58කි.
මෙම වාර්තාව පිහිටු වීමට ඔහු කටයුතු කර ඇත්තේ සමුද්‍ර පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා ලෝක අවධානය ලබා ගැනීමේ අරමුණ පෙරදැරිව ය.
මෙයට පෙර එම දස්කම කර ඇත්තේ ඒ. කුමාර් ආනන්දන් නම් ලාංකික ක්‍රීඩකයෙකි. 1971 ඔහුට මෙම දස්කම දැක්වීම සඳහා පැය 51ක් ගත වී තිබිණි.
රොෂාන් අබේසුන්දර මුහුදේ කිලෝ මීටර 49ක් පැය 23න් පිහිනා නව ජාතික වාර්තාවක් ද පිහිටු වීමට සමත් විය.