තම පක්ෂය ලියාපදිංචියට එරෙහිව පැමිණිලි කර පලක් නොමැති බවත් පක්ෂය තනා අවසන් බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම පවසයි.
ශ්රී ලංකා නිදහස් පක්ෂයට සමාන නාමයකින් කුමාර වෙල්ගම විසින් පක්ෂයක් ලියාපදිංචි කිරීමට එරෙහිව දයාසිරි ජයසේකර ශ්රීලනිප ලේකම්වරයා මැතිවරණ කොමිසමට විරෝධතා ගොනු කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්රීවරයා මේ බව ප්රකාශ කළේ ය.
තමා සැබෑ ශ්රී ලංකාකාරයෙකු බවත් ශ්රී ලංකාකාරයින් සහ පොහොට්ටු සාමාජිකයින් තමා සමඟ එකතු වීම කිසිවෙකුට නතර කළ නොහැකි බවත් හෙතෙම අවධාරණය කළේ ය.
ශ්රීලනිප නිලධාරීන් එපා වී සිටින පාක්ෂිකයින්ට තමන් සමඟ එකතු වන ලෙස ආරාධනා කරන බවත් ඉදිරියේ දී තමන් සමඟ සිටින ප්රාදේශීය නායකයින් කරළියට ගෙන එන බවත් කුමාර වෙල්ගම සඳහන් කළේ ය.