ශ්‍රීලනිපයට පොහොට්ටු දීගේ එපා වෙයි..! බුලත් සන්ධානයට පණ දෙයි…! ආණ්ඩුවේ සුළු පක්ෂත් ගැළවෙයි…!

October 3, 2021 at 8:11 am | by emanisa.lk

එක්සත් ජනතා නිදහස් සන්ධානය පිහිටුවීම අනිවාර්යයෙන් සිදු කරන බව රාජ්‍ය අමාත්‍ය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.

ඊට සහාය දීමට ආණ්ඩුව සමඟ සන්ධානගතව සිටින පක්ෂ කිහිපයක් එකඟතාව පළ කර ඇති බවත් එම සන්ධානය නැවත පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවත් හෙතෙම සඳහන් කළේය.

එළඹෙන මාසයත් සමඟ දිස්ත්‍රික්ක මට්ටමින් එහි ක්‍රියාකාරකම් ආරම්භ කරන බව ද දයාසිරි ජයසේකර කීය. මෙය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ තීන්දුවක් අනුව සිදු කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *