ශ්‍රී ලංකාව නැවතත් ණය උගුලක් අභියස… ආර්ථික විශේෂඥයන්ගෙන් අනතුරු ඇඟවීම්…!

June 29, 2024 at 3:05 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව නැවතත් ණය උගුලට හසු වීමේ අවදානමක් මතුවෙමින් පවතින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි.

ශ්‍රී ලංකා රජය මේ වසරේ මුල් දින විසි දෙකේදී පමණක් දේශීය භාණ්ඩාගාර බිල්පත්වලින් හා බැඳුම්කර වෙළඳපොළෙන් රුපියල් කෝටි එක් ලක්ෂ එකොළොස් දහස් හත්සිය දාහතරක ණය ලබාගෙන ඇත. ඒ භාණ්ඩාගාර බිල්පත්වලින් කෝටි අසූ හය දහස් එකසිය හතළිහක් සහ භාණ්ඩාගාර බැඳුම්කරවලින් කෝටි තිස්නව දහස් හැත්තෑ පහක්ද වශයෙනි.

මේ වසරේ මුල් මාස පහේදී දේශීය වෙළඳපොළෙන් ලබාගෙන ඇති මුළු ණය ප්‍රමාණය රුපියල් කෝටි තුන් ලක්ෂ අසූ අට දහස් හැට දෙකක් වන බව ද හෙතෙම සඳහන් කළේය.

මේ තත්වය යටතේ රටේ ණය බර ඉහළ යෑමක් මෙන්ම ණය අර්බුදයක් කරා යන තත්ත්වයක් පෙනෙන්නට ඇති හෙයින් දේශීය ණය ධරණීතාව රැක ගැනීමට රජය කටයුතු කළ යුතු බව මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *