ශ්‍රී ලංකාව තුල ඇති වී තිබෙන ජනතා විරෝධයත් සමග ඉන්දීය විරෝධී විදේශ බලවේග ප්‍රයෝජන ගනිමින් සිටින බව ආචාර්ය සුබ්‍රමනියන් ස්වාමි පවසයි.
භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සුබ්‍රමනියන් ස්වාමි ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා තිබේ.
එය ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට බලපෑම් එල්ල කරන බවට ද ඔහු ඉන්දියානු රජයට අනතුරු අඟවයි.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සඳහා ඉන්දීය හමුදාව යොමු කළ යුතු බවයි, සුබ්‍රමනියන් ස්වාමි සිය ට්විටර් සටහනේ වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.