ඩේවිඩ් කැමරන් පවසන්නේ වරාය නගරය ශ්‍රී ලංකාවේ නීති රීති යටතේ පාලනය වන ශ්‍රී ලංකාවේ භූමි භාගයක් බවත් එය චීනය සතු බවට ප්‍රචලිත වී ඇති වැරදි මතය නිවැරදි කළ යුතු බවත් බ්‍රිතාන්‍ය හිටපු අගමැති ඩේවිඩ් කැමරන් පවසයි.
චීනය මුහුදු ගොඩකර වරාය නගරය තැනීම සඳහා ආයෝජනයක් කර ඇති අතර සෙසු රටවලට ද දැන් එහි ආයෝජනය කළ හැකි බවයි, ඔහු පෙන්වා දුන්නේ. කල්බදු ක්‍රමයට චීනය ලබා ගෙන ඇති කොටස ද ශ්‍රී ලංකාව සතු බව ද ඩේවිඩ් කැමරන් කීය.
වරාය නගර ව්‍යාපෘතිය රැකියා ලක්ෂ 02ක් පමණ උත්පාදනය කළ හැකි රටේ දළ දේශීය නිෂ්පාදිතයට සැලකිය යුතු දායකත්වයක් සැලසිය හැකි බව ද දුෂ්කර දශකයකට පසු ශ්‍රී ලංකාව ළඟා කර ගනිමින් සිටින සාර්ථකත්වය කොළඹ වරාය නගරය මත රඳා පවතින බව ද ඩේවිඩ් කැමරන් වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
ඩුබයිහි පැවැති ආයෝජන ප්‍රවර්ධන වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.