මෙයට වසර 37 කට පෙර 1987 දී ඉන්දීය සාමසාධක හමුදාව ශ්‍රී ලංකාවට එවීම ඉන්දීය ආණ්ඩුවට සිදුවූ අත්වැරදීමක් බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් පවසයි.
ඔහු විසින් පසුගියදා ප්‍රකාශයට පත් කරන ලද The India way හෙවත් ඉන්දීය මාවත නැමති ග්රන්ථයෙහි මෙම ප්‍රකාශය ඇතුළත්ය.
ඒ නිසා ශ්‍රී ලංකාව ඉන්දියාව පාමුලම අභියෝගයක් වූ බවත් මෙරට වාර්ගික ගැටලුව පිළිබඳව කනස්සල්ලෙන් ඉන්දියාව විසින් විසඳුමක් ගෙන ඒමට උත්සාහ කළ ද ආරම්භයේදීම එය වැරදී අතර එය සුළුපටු පියවරක් නොවූ බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා වැඩි දුරටත් පවසයි.
එසේම ශ්‍රී ලංකාවේ සාම සාධක මෙහෙයුමට ඉන්දියාව මහන්සි වුවද ඊට ලැබිය යුතු අවධානය ලැබුණේ අඩුවෙන් බව ද විදේශ අමාත්‍යවරයා සිය ග්‍රන්ථය මගින් අවධාරණය කර තිබේ.