සකස් නොකළ මැණික් වර්ග අපනයනයට පනවා තිබූ තහනම ඉවත් කර ඒ සඳහා අවසර ලබා දෙමින් ගැසට්ටුවක් සකස් කර ඇතැයි සජබ ගම්පහ සංවිධායක වරුණ රාජපක්ෂ පවසයි.
සකස් නොකළ මැණික් වර්ග ආනයනයට පනවා ඇති ඉහළ බදු එම කටයුතු තායිලන්තයට රැගෙන ගිය මෙරට ව්‍යාපාරිකයන් ලංකාවේ සකස් නොකළ මැණික් වර්ග ද මෙම නීතියට මුවා වී එරටට රැගෙන යනු ඇති බවත් මෙරට මැණික් සඳහා අගය එකතු කිරීමේ කර්මාන්තය ඒ සමග සම්පූර්ණයෙන් විනාශ වනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
දේශීය කර්මාන්ත ආරක්ෂා කරන බව ප්‍රකාශ කරන ආණ්ඩුවක් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුගේ උවමනාවට මෙවැනි ක්‍රියාවක් සිදුකරන්නේ ඩීල් එකකට නොවේ නම් කවර හේතුවක් නිසා දැයි වරුණ රාජපක්ෂ ප්‍රශ්න කරයි.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ලෙස සුනිල් හඳුන්නෙත්ති සහ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස චතුරංග අබේසිංහ කටයුතු කරයි.