ශ්‍රීලනිප ස්වාධීන කණ්ඩායම යළි පුපුරයි…! පියංකර ඇමැතිකමත් අරන් ආපසු ආණ්ඩුවට…!

April 12, 2022 at 10:54 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පියංකර ජයරත්න, තව දුරටත් විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කරන බව ආණ්ඩුවට නිල වශයෙන් දන්වා ඇත.

තමන් එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ජනධිපතිවරයා වෙත ඉදිරිපත් කළ ලිපිය පිළිනොගන්නා ලෙස ද ඔහු දැනුම් දී තිබේ.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කළ ශෂීන්ද්‍ර රාජපක්ෂ පසුගියදා ඉල්ලා අස් වූ අතර ඔහු වෙනුවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධූරයෙහි දිවුරුම් දුන්නේ ද ශ්‍රීලනිප කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාරය.

මේ සමග ආණ්ඩු පක්ෂය නියෝජනය කළ ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම 12 දක්වා පහත වැටී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *