ශ්‍රීලනිපය වනසන්න ඉන්දු-ඇමරිකා කුමන්ත්‍රණයක්…!

April 15, 2024 at 7:02 pm | by emanisa.lk

ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා කුමන්ත්‍රණයකට හසුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පවසයි.

දයාසිරි ජයසේකර පක්ෂ මහ ලේකම් ධූරයෙන් නෙරපන්නේ එහි ප්‍රතිඵලය ලෙස බවයි, මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ වන විට ශ්‍රීලනිපයේ බලය අල්ලා ගෙන ඇත්තේ ඊළඟ මැතිවරණයට ඉදිරිපත් වීමට දේශපාලන පක්ෂයක් සොයාගත නොහැකි කුමන්ත්‍රණ මණ්ඩලයක් විසින් බව ද ගාමිණී වලේබොඩ ප්‍රකාශ කරයි.

මෙම කුමන්ත්‍රණය මෙහෙය වන්නේ ඉන්දියාව සහ ඇමරිකාව කේන්ද්‍ර කරගත් බටහිරින් බව ද ඔහු අනාවරණය කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *