ශ්‍රීලනිපය යළි ඇවිළෙයි.. සිරිපාල එළවා විජයදාස සභාපති කරයි..!

April 21, 2024 at 12:42 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ධුරය සඳහා අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත්කර ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

වාරණයට ලක්වූ ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය අද (21) පෙරවරුවේ ඇතුල්කෝට්ටේ ප්‍රසිද්ධ හෝටලයකදී කැඳවා තිබූ විධායක සභා රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා විය.

මීට පෙර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ඇතුළු පාර්ශ්වය විසින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වැඩ බලන සභාපති ධූරයට පත්කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *