වෛද්‍ය උපාධියට ඩොලර් පිදූ යුගේ අවසන්…! NSBM ආයතනයට වෛද්‍ය පීඨයක්…! වාර්ෂිකව වෛද්‍යවරුන් 500ක් රටට…!

March 12, 2024 at 5:04 pm | by emanisa.lk

සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) යටතේ වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට යෝජනා වී තිබේ. NSBM ආයතනය රජයට අයත් පූර්ණ ස්වයං මූල්‍ය උත්පාදන ආයතනයකි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සෘජු අධීක්ෂණය සහ නියාමනය යටතේ ඒ යටතේ වෛද්‍ය උපාධිය පිරිනැමීමට නියමිත අතර වාර්ෂිකව දේශීය හා විදේශීය සිසුන් 500ක් බඳවා ගැනීමට අපේක්ෂිත ය.

එම වෛද්‍ය සිසුන් සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන් සඳහා සායනික පුහුණුව ලබා දීමට හෝමාගම මූලික රෝහල යෝජනා වී ඇති අතර ශ්‍රී ලංකා වෛද්‍ය සභා වෛද්‍ය අධ්‍යාපන ප්‍රමිති නියෝගයන්ට අනුකූලව එම රෝහල සංවර්ධනය සඳහා අවශ්‍ය අරමුදල් සැපයීමට NSBM ආයතනය එකඟතාව පළ කර ඇත.

ඒ අනුව, හෝමාගම මූලික රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පවරාගෙන ශික්ෂණ රෝහලක් ලෙස උත්ශ්‍රේණිගත කිරීම පිණිස ජනාධිපති රනිල් ව්ක්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *