වෙළඳපොළේ නාඩු හාල් හිඟයට හේතුව රජය සොයා ගනී…!

October 21, 2024 at 3:16 pm | by emanisa.lk

මේ වන විට වෙළඳපොළේ නාඩු සහල් හිඟයක් නිර්මාණය වී ඇත්තේ වී මිල ඉහළ යෑම නිසා බව ඉඩම්, කෘෂිකර්ම, පශූ සම්පත්, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා පවසයි.

“මේ වන විට නාඩු සහල් සම්බන්ධව වෙළෙඳපොළේ හිඟයක් වාර්තා වෙනවා. ඔවුන් සඳහන් කරන්නේ වී ගැනුම් මිලත් එක්ක හාල් කිලෝ එකක් 220කට දෙන්නට බැහැ කියන කාරණය.

සහල්, ළූණු සහ අනෙකුත් භාණ්ඩවල මිල තීරණය කිරීම සඳහා ඒ සම්බන්ධ නිලධාරීන් හෙට 11ට ජනාධිපති කාර්යාලයට කැඳවලා තියෙනවා.

වී මිලදී ගැනීම සහ ඒවා සහල් බවට පත් කිරීම සම්බන්ධව රජයේ මැදිහත්වීමක් තිබෙන්න ඕන. එවිටයි යම් සහන වැඩ පිළිවෙළක් ජනතාවට ගෙන්න පුළුවන් වෙන්නේ.

රාජ්‍ය අංශයෙත් වෙළෙඳපොළ තුළ තරඟකාරී සැපයීමේ හැකියාවක් ලැබුණොත් මිල පාලනය කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *