වෙලේ සුදාට වසර 8ක බරපතළ සිරදඬුවම්… උපයාගත් ධනය රාජසන්තකයි…!

January 15, 2025 at 3:16 pm | by emanisa.lk

මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් රුපියල් කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබූ චෝදනාවලට වරදකරු කෙරුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදා කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර අටක සිර දඬුවම් නියමකොට තිබේ.

එසේම වෙලේ සුදාගේ බිරිඳ සහ තවත් කාන්තාවකට ද වසර 8 බැගින් සිරදඬුවම් නියම වී ඇත.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.

මෙහිදී විත්තිකරුවන්ට දඩ මුදල්ද නියම කෙරුණු අතර නීති විරෝධී ලෙස උපයාගත් දේපළ මුදල් හා රන් භාණ්ඩ රාජසන්තක කිරීමටත් අධිකරණය විසින් නියමකොට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *