වෙලාවට වැඩ නොකරන රටකට අනාගතයක් නෑ…! විදේශිකයෙකුට මෙය කියන්න ලැබීම ජාතියට ම ලැජ්ජාවක්…! – රාජ්‍ය ඇමැතිට කොරියානු නිලධාරියෙකුගෙන් දොස් මුරයක්….

December 22, 2022 at 8:04 pm | by emanisa.lk

කොරියාව සමග පැවැති රාජතාන්ත්‍රික සාකච්ඡාවක් සඳහා රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් ඇතුළු මෙරට නිලධාරීන් පිරිස විනාඩි 30ක් ප්‍රමාද වී පැමිණීම කොරියානු නිලධාරීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුදය හමුවේ ලබා දිය හැකි සහන පිළිබඳ සාකච්ඡා කිරීමට මෙම හමුව සංවිධානය කොට තිබිණි. ඒ සඳහා කොරියානු ආපදා සහන පදනමේ සභාපති සු වෝ ලී ඇතුළු නිලධාරීන් පිරිසක් එකතු වී තිබේ.

මෙලෙස විනාඩි 30ක් ප්‍රමාද වී සාකච්ඡාවට සහභාගී වීම මෙන් ම විදේශිකයෙකු විසින් එය මෙලෙස පෙන්වා දීම පිළිබඳ ජාතියක් ලෙස ලැජ්ජාවට පත්විය යුතු බවයි, සු වෝ ලී ප්‍රකාශ කොට ඇත්තේ.

සිය රාජකාරී සඳහා ප්‍රමාද වී පැමිණීම මෙන් ම බොරු පොරොන්දු දීම ලංකාවේ සාමාන්‍යකරණය වී ඇති බවත් සිය රටේ යොදා ගත් රාජකාරියක් සඳහා විනාඩියක් ප්‍රමාද වූයේ නම් එය විනය පරීක්ෂණ තැබීමට පවා හේතුවක් බවත් ඔහු අවධාරණය කර තිබේ.

මෙම අඩුපාඩු වහාම නිවැරදි කරගත යුතු බවත් එසේ නොවුණහොත් ව්‍යාපාර කටයුතු පමණක් නොව රාජතාන්ත්‍රික කටයුතු පවා විනාශ වන බව සු වෝ ලී වැඩි දුරටත් අවධාරණය කොට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස