යකඩය එහි හට ගන්නා මළකඩවලින් විනාශ වන්නා සේ මේ රටේ මිනිසුන් පිරිසක් ම රට විනාශ කරමින් ඇතැයි ද ඒ සඳහා පිටරටින් කිසිවෙකු පැමිණීමේ අවශ්‍යතාවක් නැතැයි ද රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ පවසයි.
ඉන්දියාව වැනි රටක ජාතික ගීය විකෘති කළේ නම් අදාළ පුද්ගලයා එල්ලා මරනු ඇති බවයි, ඇමැතිනිය සඳහන් කළේ.
මේ වන අපේ රට ලෝකය ඉදිරියේ විහිළුවක් වී ඇති බවත් නීති කෙතරම් තිබුණ ද ඒවා ක්‍රියාත්මක නොවීම ඊට හේතුව බවත් ඩයනා ගමගේ වැඩි දුරටත් ප්‍රකාශ කරයි.