වෘත්තීය පුහුණු හිටපු සභාපති හිතුමතේ පිස්සු නටලා…! අධ්‍යක්ෂවරිය ගෙදර තියාගෙන ලක්ෂ 5 ගාණේ පඩිත් ගෙවලා..!

May 10, 2023 at 6:14 pm | by emanisa.lk

ජාතික වෘත්තිය පුහුණු අධිකාරිය සිය අරමුණින් බැහැරව සිදු කළ ඇතැම් අත්තනෝමතික ක්‍රියාකාරකම් නිසා රුපියල් කෝටි ගණනින් මුදල් නාස්ති වී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී අනාවරණය වුණි.

ඒ, වෘත්තිය පුහුණු අධිකාරිය දෙවැනි වරට ඊයේ (09) කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීය. එහි දී කෝප් කමිටු සභාපති, මහාචාර්ය රංජිත් බණ්ඩාර මෙසේ ද ප්‍රකාශ කළේය.

“වෘත්තීය පුහුණු අධිකාරිය ඉතා ම නරක තැනක අද තියෙන්නේ. අපි කැඳවීමක් කළා කැප්පෙටිපොළ කියලා හිටපු සභාපතිවරයෙක්. එතුමා අද පැමිණ නෑ. එතුමා කාර්යාංශය බිඳ වැටීමේ අවසාන ඇණයත් ගහලා ගිහින් තියෙන්නේ.

අමාත්‍යාංශය නිසි ආකාරයෙන් මේකේ නිරීක්ෂණ කටයුතු කරලා නෑ. විගණකාධිපති තුමා නිර්දේශ කළා ස්වාධීන විගණනයක් කරන්න ඕනේ මසක් ඇතුළත ඒ වාර්තාව අපට සපයන්න ඕනේ.

වර්තමාන අධ්‍යක්ෂ ජනරාල්වරිය ඇතුළු ප්‍රධාන නිල 10ක් අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව සභාපතිවරයාගේ අභිමතය පරිදි සමහර අය ගෙදර යවලා සමහර අය ස්ථානමාරු. දැන් හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියව මාස 4ක් ගෙදර තියලා රු 486,616.16ක වැටුප් ගෙවීමක් කරලා තියෙනවා.

ඒක කාගෙන්ද අපි අයකරන්නේ. ඔබතුමන්ලා ආරම්භ නොකරන ලද පාඨමාලා සඳහා විශාල මුදලක් ගෙවලා එක එක භාණ්ඩ ගෙවලා තියෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස