මෙවර වී නිෂ්පාදනයෙහි අඩුවක් දැකිය හැක්කේ කන්නයට වගා නොකර පසුව වගා කළ ගොවීන්ට බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
නියම වෙලාවට කන්නයට වගා කළ ගොවීන්ගේ නිෂ්පාදනයෙහි අඩුවක් නොමැති බව ද ඇමැතිවරයා ප්‍රකාශ කරයි.
අස්වනු හානි වූ ගොවීන්ට කිලෝවට රු. 25 බැගින් වන්දි ලබා දෙන බවත් කිලෝව රු. 75ක මිලට වී අලෙවි මණ්ඩලය වී මිලයට ගන්නා බවත් ඔහු අවධාරණය කළේ ය.
ඊයේ (25) කැබිනට් මාධ්‍ය හමුවට එකතු වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.