වීවලට රු. 150ක් ඉල්ලීම යථාර්ථවාදී නැති ගොංපාට් එකක්… මොනතරම් උද්ඝෝෂණ කළත් 120ට වඩා සතයක් දෙන්නෑ…! – කෘෂිකර්ම ඇමති

July 18, 2026 at 4:27 pm | by emanisa.lk

අක්කරයට වී බුසල් 100කට වඩා නිෂ්පාදනය කළ නොහැකි ගොවීන් ලැජ්ජාවට පත්විය යුතු බවත් එම කුඹුරු ගැන තීන්දුවක් ගතයුතු බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

තමන් අපි වවලයි අපි කන්නේ කියාගෙන සිටින කණ්ඩායමක් නොවන බවත් ඔ්නෑම අවස්ථාවක සහල් ආනයනය කරන බවත් හෙතෙම අවධාරණය කරයි.

ආණ්ඩුව ගොවීන් ගැන පමණක් නොව පාරිභෝගික ජනතාව ගැනද සිතන අතර ගොවීන්ද තමන්ට පොහොර සහනාධාරය ඇතුළු සියල්ල සපයන්නේ ජනතාව තේරුම්ගත යුතු බවද කේ.ඩී. ලාල්කාන්ත ප්‍රකාශ කරයි.

වී කිලෝවක් සඳහා රු. 120, 130, 140 නියම කළේ නිවැරදි ලෙස ගණනය කොට බවත් කෙතරම් උද්ඝෝෂණ කළද ඊට වඩා මුදලක් වී සඳහා ලබා නොදෙන බවද ඇමතිවරයා සඳහන් කරයි.

වී කිලෝවක් සඳහා රු. 150ක් ඉල්ලීම යථාර්ථවාදී සටන් පාඨයක් නොවන බවත් ඒ්වා ගොම්පාට් බවත් ඇමති ලාල්කාන්ත පෙන්වා දෙයි.

උත්සව සභාවක් අමතමින් ඇමති කේ.ඩී. ලාල්කාන්ත මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *