යුගදනවි බලාගාරයේ කොටස් විකිණීම තුළ නිර්මාණය වන විවිධ වරදාන වරප්‍රසාද ඔස්සේ පාලකයින්ගේ මංතීරුව ඉතා හොඳින් නිර්මාණය වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ඇවිදින මංතීරු සැකසීම වැනි විහිළු නොකර මේ රටේ ජනතාව ජීවත් වන මංතීරුව සකස් කිරීම යුගයේ අවශ්‍යතාව බව ද විපක්ෂ නායකවරයා සඳහන් කරයි.
හැකි නම් නියමිත කාලයට පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ පවත්වන ලෙස තමා ආණ්ඩුවට අභියෝග කරන බව ද සජිත් ප්‍රේමදාස වැඩි දුරටත් ප්‍රකාශ කරයි.