රත්නපුරේ විමලබුද්ධි හෙවත් විශ්ව බුද්ධා නමින් පෙනී සිටින චීවරධාරියා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින්නේ ජාතික ජනබලවේගයේ නීතිඥවරුන් බව උලපනේ සුමංගල හිමි සඳහන් කරයි.
විශ්ව බුද්ධා නම් පුද්ගලයාට ඇප ලබාගැනී වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේ නීතිඥ උපුල් කුමාරපෙරුම ඇතුළු නීතිඥවරු පිරිසක් බව පවසන උන්වහන්සේ, උපුල් කුමාරපෙරුම ජාතික ජන බලවේගයේ ප්‍රධානියකු බව ද කියා සිටියහ.
උන්වහන්සේ මෙම අදහස් පළ කළේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.