විශ්වාසභංගේ ගෙනාවේ පරදින බව දැන ගෙන තමයි…! – තිස්ස…

September 11, 2023 at 9:29 am | by emanisa.lk

සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවේ ජයග්‍රහණය කිරීමට ම නොවන බව සමගි ජන බලවේගය පවසයි.

එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසන්නේ තමන් විශ්වාසභංගය ගෙන ආවේ ආණ්ඩුවට බහුතරයක් ඇති බව නොදැන නොවන බවයි.

රටේ සෞඛ්‍ය පද්ධතියේ බිඳ වැටීම සහ එහිලා ජනතාව දක්වන විරෝධය කියා පෑම සඳහා මෙම විශ්වාසභංගය ගෙන ඒමට කටයුතු කළ බව ද හෙතෙම සඳහන් කරයි.

ආසන 156ක 2/3ක බහුතරයක් සහිතව ආරම්භ වූ ආණ්ඩුව මෙම විශ්වාසභංගය වන විට ආසන 113ට වැටී ඇති බව ද තිස්ස අත්තනායක වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *