විශ්‍රාම ලත් විශේෂඥ වෛද්‍යවරුන් යළි සේවයට කැඳවයි…!

August 19, 2023 at 2:50 pm | by emanisa.lk

විශ්‍රාම ලත් විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන යළි සේවයට බදවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥ වෛද්‍යවරුන් පන්සියයකට ආසන්න පිරිසකගේ පුරප්පාඩු පවතින අතර මෙම පිරිස බඳවා ගැනෙන්නේ එම පුරප්පාඩු සඳහා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසූරිය පවසයි.

විශ්‍රාම ගිය විශේෂඥ වෛද්‍යවරුන් යළි සේවයට පැමිණීමට කැමැත්ත පළ කරන්නේ නම්, ඔවුනට අවශ්‍ය බොහෝ පහසුකම් ලබාදීමට අමාත්‍යාංශය සූදානම් බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් කියා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *