විමල් හීනෙන් ලොරියක් අරන් මුරුංගා ගහ කපන්න හදනවා….! අපි ඒකට ඉඩ දෙන්නේ නෑ….! – පොහොට්ටු මහ ලේකම්….

February 16, 2021 at 8:04 am | by emanisa.lk

ෆේස්බුක් කුළී හේවායන් ලවා මඩ ගසමින් දේශපාලන ගමනක් යා හැකි යැයි විමල් වීරවංශ සිතුව ද තමන් එසේ නොසිතන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මෙතෙක් තමන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්න යැයි පවසා නැති බවත් විමල් වීරවංශගේ ප්‍රකාශය වැරදිය යන ස්ථාවරයෙහි තමන් දැඩිව සිටින බවත් සාගර කාරියවසම් සඳහන් කරයි.

ගෙදර මිදුලේ තිබෙන මුරුංගා ගසේ පලදාවෙන් ලොරියක් මිලට ගෙන ගෙදර ගෙන එන්නට මුරුංගා ගස කැපීමට විමල් වීරවංශ සූදානම් වන බව ද හෙතෙම පවසයි.

අනාගත බොළඳ සිහින වෙනුවෙන් මිදුලේ තිබෙන මුරුංගා ගස කැපීමට විමල් වීරවංශට ඉඩ නොතබන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *