ඉදිරි ජනාධිපතිවරණයට මුළු රට ම පිළිගන්නා කීර්තිමත් පුද්ගලයෙකු පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරීමට නිදහස ජනතා සන්ධානය තීරණය කර ඇති බව වාර්තා වේ.
පසුගිය දා දින වකවානු කැඳවූ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඒ සඳහා තරග කිරීමට විපක්ෂයේ පක්ෂ ගණනාවක් එකතු වී ගොඩනැගූ නිදහස ජනතා සන්ධානයේ දේශපාලන කටයුතු නැවත සක්‍රිය කර ඉදිරි මැතිවරණවලට මුහුණ දිය යුතු බව ද තීරණය කොට තිබේ.
එසේ ම තීක්ෂණ නායකයෙකු වන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හා හැප්පෙන්නේ නම් විපක්ෂය එකට එක් විය යුතු බවත් මෙහිදී සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට විමල් වීරවංශ සහ ඩලස් අලහප්පෙරුගේ නම් කලින් යෝජනා වී තිබුණ ද දේශපාලන දැනුමක් ඇති කීර්තිමත් පුද්ගලයෙකු ඒ සඳහා ඉදිරිපත් කිරීම කොට සාමූහිකව ඉදිරි ජනාධිපතිවරණය සඳහා මුහුණ දිය හැකි බවට මන්ත්‍රීවරුන් කරුණු දක්වා ඇතැයි වාර්තා වේ.