විමල් උදය වෙනුවෙන් මහින්ද පෙරට…! දෙපළට ම ඇමැති ආරක්ෂාව දිගට ම …!

March 6, 2022 at 11:38 am | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන විමල් වීරවංශට සහ උදය ගම්මන්පිලට තව දුරටත් කැබිනට් අමාත්‍යවරුන් සඳහා ලබා දෙන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ උපදෙස් ලබා දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට සාමාන්‍යයෙන් ලබා දෙන්නේ ආරක්ෂකයින් දෙදෙනෙකු පමණි. ‍

ඒ අනුව පසුගියදා අමාත්‍ය ධූරයෙන් ඉවත් කෙරුණු විමල් වීරවංශට සහ උදය ගම්මන්පිලට ලබා දී තිබූ ආරක්ෂක නිලධාරීන් ගණන ද අඩු කිරීමට නියමිතව තිබිණි.

කෙසේ වුව ද අගමැතිවරයාගේ උපදෙස් මත ඇමැති ආරක්ෂාව දිගටම ලබා දීමට පියවර ගෙන ඇති බව පැවසෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *