විමල්-උදය නිෂ්ක්‍රීය කරන්න ආණ්ඩුවේ සැලසුමක්…! විපක්ෂයේ සුපිරි බුලට් දෙකක් ළඟදි ම ආණ්ඩුවට…!

February 26, 2021 at 2:39 pm | by emanisa.lk

විමල් වීරවංශ වීරවංශ ඇතුළු කණ්ඩායම ආණ්ඩුව තුළ ගෙන යන වැඩපිළිවෙළ නිෂ්ක්‍රීය කිරීම සඳහා සමගි ජන බලවේගය ප්‍රබලයන් දෙදෙනෙකු ආණ්ඩුවට එක් කර ගැනීමේ උත්සාහයක් ඇතැයි වාර්තා වෙයි.

කලක් මහින්ද රාජපක්ෂ රජයේ කැබිනට් අමාත්‍ය ධූර දරා පසුව 2015 ජනපතිවරණ සමයේ එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ මෛත්‍රීපාල සිරිසේන පාර්ශවයට සහාය දීමට එක්වූ දෙදෙනෙකි.

ඉන්පසු යහපාලන ආණ්ඩුවේ ද කැබිනට් අමාත්‍ය ධූර දැරූ මේ දෙදෙනාට ම දේශපාලන පළිගැනීම් සෙවීමට පත්කළ ජනපති කොමිසමෙන් චෝදනා එල්ල වූ අය ද වේ.

මේ දෙපළම පසුගිය මහ මැතිවරණයේදී බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක දෙකක් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය. මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා ම මතභේදාත්මක ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන්නන් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *